Tamil (Sri Lanka)English (United Kingdom)
ඔබ මෙතනයි  : මුල් පිටුව අප ගැන
අප ගැන

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීම සහ අල්ලස් පනත සහ ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 01 දරණ වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනත යටතේ වැරදි සම්බන්ධයෙන් නඩු පවරන ලෙස විධානය කිරීම සදහා මෙම ස්ථිර කොමිෂන් සභාව 1994 අංක 19 දරණ පනතින් පිහිටුවන ලදී.

ඒ අනුව ප්‍රථම කොමිෂන් සභාව වැඩ කටයුතු 1994 දෙසැම්බර් 15 දින ආරම්භ විය.

මෙම කොමිෂන්සභාව සාමාජිකයින් 03 දෙනෙකුගෙන් සමන්විත වියයුතු අතර ඔවුන් අතරින් සාමාජිකයින් දෙදෙනෙකු විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ හෝ අභියාචානාධිකරණ විනිශ්චයකාරවරයන් විය යුතු අතර එක් සාමාජිකයෙකු අපරාධ විමර්ශනයට හා නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළව පුලුල් පළපුරුද්දක් ඇති අයෙකු විය යුතුයි.

සෑම සාමාජිකයෙකුම අවුරුදු 05 ක කාලයක් ධූරය දරන්නේය. එසේම නැවත පත් කිරීම සදහා සුදුසුකම් නොලබන්නේය.

අපි

යම් තැනැත්තකුට විරුද්ධව අල්ලස් හෝ දුෂණ චෝදනාවක් හෝ යම් තැනැත්තෙකු විසින් මැතකදී තමන්ගේ ප්‍රකට ආදායම් අභිබවා කරන ලද වත්කම් අත්පත් කරගැනීමක් සම්බන්ධයෙන් කොමිෂන් සභාව වෙත දැනුම් දීමක් ලද විට,

විමර්ෂණය කිරීම
නඩු පැවරීම
වැළැක්වීම සදහා කටයුතු කරන්නෙමු

විමර්ශනය කරදීම සදහා අවම වශයෙන් අවශ්‍ය මූලික තොරතුරු වන්නේ

තොරතුරු පත්‍රිකාව

කොමිෂන් සභාවේ ඉතිහාසය

 

මෙහෙයුම්

යාවත්කාලීනය :  2013-05-20