CIABOC

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත රාජ්‍ය සේවයෙන් ස්ථීරව මුදාහරිනු ලබන නිලධරයන් හා සේවා නියුක්තයන් පත්කර ගැනීම.

2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතේ 26(5) හා 26(7) වගන්ති ප්‍රකාරව කොමිෂන් සභාව වෙත රාජ්‍ය සේවයෙන් ස්ථීරව නිලධරයන් හා සේවා නියුක්තයන් පත්කරගැනීම් සිදුකරනු ලබන අතර, බඳවා ගැනීම් සිදු කරනු ලබන තනතුරු පහත පරිදි වේ.

ඒ අනුව 2025.12.31 දිනැතිව බඳවා ගැනීම් සඳහා නිකුත් කරන ලද නිවේදනය යටතේ බඳවා ගැනීම් 2026.11.01 දින සිට අවසන් කරනු ඇත.

අයදුම්පත් ලැබිය යුතු අවසාන දිනය : 2026.11.02
අයදුම්පත්‍රය බාගන්න (PDF)
අයදුම්පත්‍රය ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් සම්පූර්ණ කළ යුතුවේ.
#තනතුරබඳවාගනු ලබන නිලධාරීන් සංඛ්‍යාවඅවශ්‍ය අවම සුදුසුකම්
1.අධ්‍යක්ෂ (තොරතුරු තාක්ෂණ)01

ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සේවයේ 1 වන පත්තියේ, 1වන හෝ 11 වන ශ්‍රේණියේ නිලධාරියකු වීම

හෝ

දීප ව්‍යාප්ත සේවාවක වසර 06 කට වැඩි පළපුරුද්ද සමග පරිගණක විද්‍යාව/ තොරතුරු තාක්ෂණය/ පරිගණක ඉංජිනේරු විද්‍යාව හෝ පරිගණක තාක්ෂණයට අදාල පශ්චාත් උපාධියක් සහිත නිලධාරියකු වීම.

2.නියෝජ්‍ය / සහකාර අධ්‍යක්ෂ (පැමිණිලි කළමනාකරණ)01

රජයේ සේවයේ ද්විතීය මට්ටමේ හෝ ඉන් ඉහළ මට්ටමේ නිලධාරියකු වීම සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයකු වශයෙන් දිවුරුම් දී ඇති අයෙකු වීම.

3.නියෝජ්‍ය / සහකාර අධ්‍යක්ෂ (මාධ්‍ය)01

රාජ්‍ය සේවයේ SL 1 මට්ටමේ තනතුරක නිලධාරියකු වීම සහ පහත ක්ෂේත්‍රයන් පිළිබඳ මූලික/ පශ්චාත් උපාධියක් සහිත වීම.

පුවත්පත් හා විකාශන මාධ්‍ය, ඩිජිටල් හා බහු මාධ්‍ය, ජන සන්නිවේදනය, මහජන සම්බධතා හා සන්නිවේදනය (මාධ්‍ය කටයුතු පිළිබඳ පළපුරුද්ද අතිරේක සුදුසුකමක් වේ.)

හෝ

කළමනාකරණ සේවා නිලධාරී සේවයේ අධි පන්තියේ වසර 03 කට වැඩි පළපුරුද්ද සහිත නිලධාරියකු වීම සහ පහත ක්ෂේත්‍රයන් පිළිබඳ මූලික/ පශ්චාත් උපාධියක් සහිත වීම.

පුවත්පත් හා විකාශන මාධ්‍ය, ඩිජිටල් හා බහු මාධ්‍ය, ජන සන්නිවේදනය, මහජන සම්බන්ධතා හා සන්නිවේදනය (මාධ්‍ය කටයුතු පිළිබඳ පළපුරුද්ද අතිරේක සුදුසුකමක් වේ.)

හෝ

ජනමාධ්‍ය විෂය ක්ෂේත්‍රයට අදාල පංති සාමාර්ථයක් සහිත උපාධියක් හිමි හෝ පශ්චාත් උපාධියක් හිමි

රාජ්‍ය සේවයේ වසර 3ක පලපුරුද්දක් සහිත ද්විතීයන මට්ටමේ හෝ ඊට ඉහළ මට්ටමේ නිලධාරියෙකු වීම.

4.නියෝජ්‍ය/ සහකාර අධ්‍යක්ෂ (පාලන)01

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියකු වීම

හෝ

කළමනාකරණ සේවා නිලධාරී සේවයේ අධි පන්තියේ වසර 03 කට වැඩි පළපුරුද්දක් සහිත නිලධාරියකු වීම

හෝ

ඕනෑම විෂයය ක්ෂේත්‍රයකට අදාලව පංති සාමාර්ථයක් සහිත උපාධියක් හිමි හෝ පශ්චාත් උපාධියක් හිමි රාජ්‍ය සේවයේ වසර 3ක පලපුරුද්දක් සහිත ද්විතීයන මට්ටමේ හෝ ඊට ඉහළ මට්ටමේ නිලධාරියෙකු වීම.

5.නියෝජ්‍ය/ සහකාර අධ්‍යක්ෂ (නඩත්තු)01

ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ (ගොඩනැගිලි සේවා/ යාන්ත්‍රික) නිලධාරියකු වීම

හෝ

ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ 1 වන ශ්‍රේණිය හෝ ඊට ඉහල ශ්‍රේණියක වසර 05 ක ගොඩනැගිලි සේවා/ යාන්ත්‍රික පළපුරුද්දක් සහිත අයෙකු වීම.

6.නියෝජ්‍ය / සහකාර අධ්‍යක්ෂ (මුදල්)02

ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ නිලධාරියකු වීම.

හෝ

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ හෝ වෙනත් යම් පොදු රාජ්‍ය මණ්ඩලීය රටක වරලත් ගණකාධිකාරී ආයතනයක අන්තර් මාධ්‍ය පරීක්ෂණය හෝ ඊට ඉහළ පරීක්ෂණයකින් සමත් රාජ්‍ය සේවයේ වසර 3ක පලපුරුද්දක් සහිත ද්විතීයන මට්ටමේ හෝ ඊට ඉහළ ම්ට්ටමේ නිලධාරියෙකු වීම.

හෝ

ගණකාධිකරණය, මූල්‍ය හා බැංකු කටයුතු, වාණිජ, ආර්ථික විද්‍යාව, ව්‍යාපාර කළමනාකරණය යන ක්ෂේත්‍ර වලට අදාළ විෂය ක්ෂේත්‍රයකින් පංති සාමාර්ථයක් සහිත උපාධියක් හිමි හෝ පශ්චාත් උපාධියක් හිමි

රාජ්‍ය සේවයේ වසර 3ක පලපුරුද්දක් සහිත ද්විතීයන මට්ටමේ හෝ ඊට ඉහළ ම්ට්ටමේ නිලධාරියෙකු වීම.

7.නියෝජ්‍ය/ සහකාර අධ්‍යක්ෂ (වත්කම් හා බැරකම් ප්‍රාකාශ කිරීම)01

රජයේ සේවයේ ද්විතීය මට්ටමේ හෝ ඉන් ඉහළ ම්ට්ටමේ නිලධාරියකු වීම සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයකු වශයෙන් දිවුරුම් දී ඇති අයෙකු වීම.

8.සහකාර අධ්‍යක්ෂ/ නියෝජ්‍ය අධ්‍යක්ෂ (අන්තර්ජාතික සම්බන්ධතා හා පර්යේෂණ)01

රාජ්‍ය සේවයේ SL 1 මට්ටමේ හෝ ඊට ඉහළ වැටුප් පරිමාණයක් හිමි නිලධාරියෙකු වීම

හෝ

ජාත්‍යන්තර සම්බන්ධතා, සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව, සන්නිවේදන අධ්‍යයනය, සංඛ්‍යාන විද්‍යාව හෝ නීතිය යන විෂයන්ට අදාළව පංති සාමාර්ථයක් සහිත උපාධියක් හිමි හෝ පශ්චාත් උපාධියක් හිමි රාජ්‍ය සේවයේ වසර 3ක පලපුරුද්දක් සහිත ද්විතීයන මට්ටමේ හෝ ඊට ඉහළ ම්ට්ටමේ නිලධාරියෙකු වීම.

9.සහකාර අධ්‍යක්ෂ/ නියෝජ්‍ය අධ්‍යක්ෂ (දූෂණ නිවාරණ)02

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හෝ ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ නිලධාරියකු වීම

හෝ

ඕනෑම විෂයය ක්ෂේත්‍රයකට අදාලව පංති සාමාර්ථයක් සහිත උපාධියක් හිමි හෝ පශ්චාත් උපාධියක් හිමි රාජ්‍ය සේවයේ වසර 3ක පලපුරුද්දක් සහිත ද්විතීයන මට්ටමේ හෝ ඊට ඉහළ ම්ට්ටමේ නිලධාරියෙකු වීම.

10.අභ්‍යන්තර විගණක01

ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ නිලධාරියකු වීම.

හෝ

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ හෝ වෙනත් යම් පොදු රාජ්‍ය මණ්ඩලීය රටක වරලත් ගණකාධිකාරී ආයතනයක ආවසරික හෝ අන්තර් මාධ්‍යය පරීක්ෂණය හෝ ඊට වඩා ඉහළ පරීක්ෂණයකින් සමත් රාජ්‍ය සේවයේ වසර 3ක පලපුරුද්දක් සහිත ද්විතීය මට්ටමේ හෝ ඊට ඉහළ ම්ට්ටමේ නිලධාරියෙකු වීම.

හෝ

ගණකාධිකරණය, මූල්‍ය හා බැංකු කටයුතු, වාණිජ, ආර්ථික විද්‍යාව, ව්‍යාපාර කළමනාකරණය යන ක්ෂේත්‍රවලට අදාළ විෂය ක්ෂේත්‍රයකින් පංති සාමාර්ථයක් සහිත උපාධියක් හිමි හෝ පශ්චාත් උපාධියක් හිමි රාජ්‍ය සේවයේ වසර 3ක පලපුරුද්දක් සහිත ද්විතීයන මට්ටමේ හෝ ඊට ඉහළ ම්ට්ටමේ නිලධාරියෙකු වීම.

11.පර්යේෂණ නිලධාරී02

SL 1 වැටුප් පරිමාණයේ හෝ ඊට ඉහළ මට්ටමක පර්යේෂණ කටයුතු පිළිබද ප්‍රායෝගික අත්දැකීම් සහිත නිලධාරියෙකු වීම

හෝ

නීතිය හෝ නිතිය විෂයක් ලෙස ඇතුලත්ව සමාජ විද්‍යාව, ආර්ථික විද්‍යාව, රාජ්‍ය පරිපාලනය හා කලමනාකරණය හෝ සංඛ්‍යාන විද්‍යාව යන විෂය ක්ෂේත්‍රවලට අදාලව පන්ති සාමාර්තයක් සහිතව උපාධියක් හිමි හෝ පශ්චාත් උපාධියක් හිමි රාජ්‍ය සේවයේ වසර 3ක පලපුරුද්ද සහිත ද්විතීයන මට්ටමේ හෝ ඊට ඉහළ ම්ට්ටමේ නිලධාරියෙකු වීම.

12.තාක්ෂණ නිලධාරී01

ගොඩනැගිලි නඩත්තුව පිලිබද පලපුරුද්ද සහිත සහිත ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ නිලධාරියෙකු වීම

හෝ

NVQ 06 මට්ටම හෝ ඊට ඉහළ ගොඩනැගිලි නඩත්තුව පිළිබඳ පලපුරුද්ද සහිත රාජ්‍ය සේවයේ ද්විතීය මට්ටම හෝ ඊට ඉහළ ම්ට්ටමේ නිලධාරියෙකු වීම.

13.තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිලධාරී02

ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සේවයේ 2 වන පන්තියේ නිලධාරියකු වීම

හෝ

ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සේවයේ 3 වන පන්තියේ නිලධාරියකු ලෙස වසර 06 කට වැඩි සේවා කාලයක් සම්පුර්ණ කර ඇති අයෙකු වීම.

හෝ

රාජ්‍ය සේවයේ ප්‍රාථමික මට්ටමට ඉහළ ඕනෑම තනතුරක වසර 06 කට වැඩි සේවා කාලයක් සහිත සහ පරිගණක / තොරතුරු තාක්ෂණය පිළිබඳ NVQ 05 මට්ටම හෝ ඊට ඉහළ තත්ත්වයක පාඨමාලාවක් හෝ පරිගණක / තොරතුරු තාක්ෂණය පිළිබඳ උපාධියක් ඇති නිලධාරියකු වීම.

14.දූෂණ නිවාරණ නිලධාරී10

සංවර්ධන නිලධාරී සේවයේ නිලධාරියෙකු ලෙස සේවය කිරීම

හෝ

රාජ්‍ය සේවයේ MN 1 හෝ ඊට ඉහළ වැටුප් පරිමාණයේ තනතුරක සේවය කරන උපාධියක් සහිත නිලධාරියකු වීම.

15.භාෂා පරිවර්තක/ භාෂණ පරිවර්තක02

රාජ්‍ය සේවයේ භාෂා පරිවර්තක නිලධාරියෙකු ලෙස සේවය කිරීම

හෝ

භාෂා පරිවර්තක හැකියාව ඇති භාෂණ පරිවර්තක නිලධාරියෙකු ලෙස සේවය කිරීම.

16.පුස්තකාලයාධිපති01

ශ්‍රී ලංකා රජයේ පුස්ථකාලාධිපති සේවයේ II පන්තියේ හෝ ඉහල නිලධාරියෙකු ලෙස සේවය කිරීම

හෝ

රාජ්‍ය සේවයේ පුස්තකාලයාධිපති තනතුරක සේවය කිරීම (ස්ථීර තනතුරු ලාභියෙකු වීම)

පාරිශ්‍රමිකය

ස්ථීර පදනම මත පත්කර ගනු ලබන නිලධාරීන් හට දූෂණ විරෝධී පනතේ 26(2) වගන්තියේ ප්‍රතිපාදන ප්‍රකාරව පාර්ලිමේන්තුවේ PS/LEG/TAB/29/10 දරණ 2026.03.17 ලිපිය මඟින් අනුමත පාරිශ්‍රමික හිමිවේ.( අංක 2504/07 හා 2026.09.01 දිනැති අති විශේෂ ගැසට් නිවේදනයෙහි වැඩිදුර තොරතුරු ඇතලත් වේ.)

තෝරාගනු ලබන ක්‍රමවේදය

ව්‍යූහගත සම්මුඛ පරීක්ෂණයක් මගින් තෝරාගනු ලැබේ.

පොදු කරුණු

ඉහත තනතුරු සදහා ඉල්ලුම් කරන රාජ්‍ය සේවයේ සියළු නිලධරයන් සේවයේ ස්ථිර වී සිටිය යුතුය.

මෙහිදී රාජ්‍ය සේවය යන්නට පළාත් රාජ්‍ය සේවය සහ අර්ධ රාජ්‍ය සේවය අදාල නොවේ.

ස්ථිර පදනමින් රාජ්‍ය සේවයෙන්  මුදා හැරීම මත කොමිෂන් සභාවට නිලධාරීන් බදවා ගනු ලබන්නේ ස්ථිර පත්වීමක් සදහා වේ.

ස්ථිර පදනමින් රාජ්‍ය සේවයෙන්  මුදා හැරීම මත කොමිෂන් සභාවට නිලධාරීන් බදවා ගනු ලබන නිලධාරීන් පාලනය වනුයේ කොමිෂන් සභා පරිපාලන රීති සංග්‍රහය මගිනි.

ඉහත සියළු බඳවා ගැනීම් සම්බන්ධ අවසාන තීරණය කොමිෂන් සභාව සතුවේ.