About Us About Us History Our Team Detection & Rades conviction News & Events FAQ's Disclaimer Contact Us Site Map

සභාපති
විනිශ්චයකාර-අමීර් ඉස්මයිල් මහතා.
 


අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා‍ෙව්  වෙබ් අඩවියට පිවිසෙන ඔබ සාදරයෙන් පිළිගනු කැමැත්තෙමි.
      1994 අංක 19 දරණ පනත යටතේ පිහිටුවන ලද මෙම කොමිෂන් සභාව පූර්ණ ස්වාධීන ආයතනයකි. විමර්ශන පැවැත්වීම සහ නඩු පැවරීමට අදාළ සිය බලතල කොමිෂන් සභාව වෙත නීතියෙන් පැවරී ති‍ෙබ්. කොමිෂන් සභාවේ රාජකාරී කරන සියළු දෙනා මෙම කාර්යයේදී කොමිෂන් සභාවට සහාය විය යුතුය. ලැබෙන සියළු තොරතුරු පිලිබඳ රහස්‍ය භාවය ආරක්ෂා කිරීමට බැදී සිටී.
 

කොමිෂන් සභා‍ෙව්  කාර්යයන් පිළිබඳව දළ අදහසක් මෙම වෙබ් අඩවිය තුලින් ඔබට ලබාගත හැකි ‍ෙව්.
        
සංවිධාන සටහන බලතල හා කාර්යයන් අල්ලස් හා දූෂණයට අදාළ මූලික නීති එම තොරතුරු වලින් සමහරකි.
සමාජයෙන් අල්ලස් හා දූෂණය තුරන් කිරීමේ දී ඔබ සහ කොමිෂන් සභාව අතර කිටිටු සබඳතාවයක් ඇති කර ගැනීම ඉතා වැදගත්ය. මෙම සද්කාර්යයේදී ඔ‍බේ
යෝජනා චෝදනා නිරීක්ෂණ සාදරයෙන් පිලිගනු ලැ‍ෙබ්.




පියසේන රණසිංහ

අධ්‍යක්ෂ ජනරාල්

          අප කොමිෂන් සභාවේ වෙබි අඩවියේ මෙවැනි පණිවිඩයක් සටහන් කිරීමට හැකිවීම ගැන සතුටු වෙමි.
        
ශ්‍රී ලාංකීය සමාජයේ හා ජනතාවගේ සතුරෙකු බවට පත්ව සිටින අල්ලස් හා දූෂණය මෙරට රාජ්‍ය සේවය තුලින් තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක වන පූර්ණ බලතල ඇති ආයතනය වන්නේ මෙම කොමිෂන් සභාවයි.
රටක යහපාලනය සඳහා තිබිය යුතු මූලික අවශ්‍යතාවයක් ලෙස දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් තිබිය යුතුය යන්න විවාද රහිතව පිලිගත් කරුණකි.

       ඕනෑම රටක රාජ්‍ය සේවකයින් විවිධ පරිමාණයේ දූෂණවල යෙදිය හැකි අතර  එම තත්වය වළක්වා අල්ලසින් හා දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් ශ්‍රී ලංකාව තුල නිර්මාණය කිරීම සඳහා ඔ‍ෙබ් සහාය ලබාදෙන්න.

Search About Us History Our_Team Detection & Raids conviction News & Events FAQ's Contact Site Map Home English