2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතේ 26(1) වගන්තියේ ප්‍රතිපාදන ප්‍රකාරව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ජ්‍යෙෂඨ මට්ටමේ අතිරේක අධ්යක්ෂ ජනරාල් තනතුර සඳහා විවෘත පදනමින් බඳවා ගැනීමට මෙම නිවේදනයේ සඳහන් සුදුසුකම් සපුරා ඇති ශ්‍රී ලාංකික පුරවැසියන් වෙතින් අයදුම්පත් කැඳවනු ලැබේ. (පුරප්පාඩු ගණන 01කි.)
1.බඳවා ගැනීමට අවශ්‍ය සුදුසුකම් :-
| 1.1 | අධ්‍යාපන සුදුසුකම් | නීති විෂයට අදාළව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්ව විද්‍යාලයකින් හෝ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් උපාධි ප්රදානය කරන ආයතනයක් වශයෙන් පිළිගෙන ඇති ආයතනයකින් පශ්චාත් උපාධියක් ලබා තිබීම . |
| 1.2 | වෘත්තීය සුදුකම් | ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥයෙකු වශයෙන් දිවුරුම් දී තිබීම. |
| 1.3 | පළපුරුද්ද | ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙකු වශයෙන් දිවුරුම් දීමෙන් පසු අපරාධ නඩු කටයුතු පිළිබඳ වසර 15 කට නොඅඩු සක්‍රීය වෘත්තීය පළපුරුද්ද ලබා තිබීම. |
| 1.4 | කායික සුදුසුකම් | සෑම අපේක්ෂකයෙකුම ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමටත් තනතුරේ රාජකාරී ඉටු කිරීමටත් ප්‍රමාණවත් ශාරීරික හා මානසික යෝග්‍යතාවයෙන් යුක්ත විය යුතුය. |
| 1.5 | වෙනත් සුදුසුකම් | i. ශ්‍රී ලාංකික පුරවැසියෙකු විය යුතුය. ii. අයදුම්කරුවන් විශිෂ්ට චරිතයකින් යුක්ත විය යුතුය. iii. තනතුරට බඳවා ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කළ යුතු බවට අයදුම්පත් කැඳවීමේ නිවේදනයේ සඳහන් වන දිනට එම සුදුසුකම් සෑම ආකාරයකින්ම සම්පූර්ණ කර තිබිය යුතුය . |
- අවම සීමාව අවු: 40
- උපරිම සීමාව අවු: 54
3.වැටුප් පරිමාණය :- රු. 212,000.00 – 10 x 4,950 - රු.261,500.00
ඒ අනුව මෙම තනතුරට හිමි වැටුප් කේතය AC-E4-2025 වන අතර ආරම්භක වැටුප් පියවර රු.212,000/- වේ. මීට අමතරව පාර්ලිමේන්තුව විසින් 2026.03.17 තනතුරට අදාළ වන පරිදි අනුමත කර ඇති අනෙකුත් දීමනාද ගෙවනු ලැබේ. (2027.01.01 දිනට පෙර බඳවා ගතහොත් වැටුප් ගෙවනු ලබන්නේ වැටුප් පරිමාණයට අදාළ උපලේඛන II අනුව වේ. එනම් ගෙවන වැටුප රු. 183,300.00 වේ.)
4.1.ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක ප්‍රථිඵල මත තෝරා පත්කර ගනු ලැබේ.
4.1.1.ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය -
| ලකුණු ලබාදෙනු ලබන ප්‍රධාන ශීර්ෂ |
උපරිම ලකුණු ප්‍රමාණය |
තෝරා ගැනීමට සළකා බලනු ලබන අවම ලකුණු ප්‍රමාණය |
| අතිරේක අධ්‍යාපන සුදුසුකම් |
20 |
60 |
| අතිරේක සේවා පලපුරුද්ද |
10 |
| ඉංග්‍රීසි භාෂා ප්‍රවිණතාවය |
10 |
| අධිකරණ කටයුතු පිළිබඳ නිර්දේශ |
30 |
| සම්මුඛ පරීක්ෂණයේදී දක්වන කුසලතාවය |
30 |
| මුළු ලකුණු |
100 |
|
4.1.2.ව්‍යූහගත සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විතය.
4.1.3.සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් අතරින් ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයේ කුසලතා අනුපිළිවෙල අනුව ඉහළම කුසලතාවය දක්වන අයදුම්කරු තනතුරට බඳවා ගනු ලැබේ.
4.1.4.බඳවා ගැනීම සිදු කරන අවස්ථාවේදී ඉහත වගුවේ දැක්වෙන ප්‍රධාන ක්ෂේත්‍ර සඳහා වෙන් කර ඇති උපරිම ලකුණු ප්‍රමාණයන් ඇතුළත, ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණය සඳහා විස්තරාත්මක ලකුණු පටිපාටිය අනුමත කිරීම කොමිෂන් සභාව විසින් සිදු කරනු ලැබේ.
5.සේවයේ නියුක්ත කරවීමේ වගන්ති හා කොන්දේසි :-
i.මෙම පත්වීම අංක 2504/07 හා 2026.09.01 දිනැති ගැසට් නිවේදනය මඟින් කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද බඳවා ගැනීමේ පටිපාටියේ විධිවිධානවලට යටත් වේ.
ii.මෙම තනතුර ස්ථිරය. සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාර අරමුදල් ප්රතිලාභ හිමිය.
iii.මෙම පත්වීම අවුරුදු 03 ක පරිවාස කාලයකට යටත් වේ.
iv.පරිවාස කාලය අවසානයේ වැඩ, පැමිණීම හා හැසිරීම සතුටුදායක වීම හා සතුටුදායක හෝ ඊට ඉහළ කාර්යසාධන මට්ටම සළකා බලා සේවය ස්ථිර කිරීම සිදු කරනු ලැබේ.
v.කොමිෂන් සභාව විසින් හදුන්වා දෙනු ලබන කාර්ය සාධන ඇගයීම් දර්ශක අනුව වාර්ෂිකව ඔබගේ කාර්ය සාධනය ඇගයීමට ලක් කෙරේ. ඒ අනුව ඉදිරි වැටුප් වර්ධක ලබා දීම සිදු වේ.
vi.රාජ්‍ය භාෂාවක් නොවන මාධ්‍යයකින් සේවයට බැඳුණු නිලධාරින් විසින් පරිවාස කාලය තුල නියමිත රාජ්‍ය භාෂා ප්‍රවීණතාවය ලබා ගත යුතුය.
vii.2023 අංක 09 දරණ දූෂණ විරෝධි පනත, අංක 2504/07 හා 2026.09.01 දිනැති ගැසට් නිවේදනයෙහි ඇතුළත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා රීති, ආයතන සංග්‍රහය II, මුදල් රෙගුලාසි හා වරින්වර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පනවනු ලබන රීතිවලට සහ චක්‍රලේඛවලට මෙම පත්වීම යටත්ය.
viii.බඳවා ගැනීමේ මාධ්‍ය ඉංග්‍රීසි මාධ්‍ය වේ.
ix.සේවා අවශ්‍යතාවය පරිදි ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට සිදු විය හැකිය.
6.අපේක්ෂකයන්ගේ අනන්‍යතාවය :-
i.ඉහත පරීක්ෂණයට කැඳවනු ලබන්නේ සෑම ආකාරයෙන්ම සම්පූර්ණ අයදුම්පත් ඉදිරිපත් කර ඇති අපේක්ෂකයින් පමණි.
ii.ව්‍යුහගත සම්මුඛ පරික්ෂණයේදී තමන්ගේ අනන්‍යතාව සහතික කිරීම සඳහා පහත අනන්‍යතා පත්‍ර පිළිගනු ලැබේ.
අ)පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයා විසින් නිකුත් කරන ලද වලංගු ජාතික හැදුනුම්පත
ආ)වලංගු විදේශ ගමන් බලපත්‍රය
7.අයදුම්පත් ඉදිරිපත් කළ යුතු ආකාරය.
i.අයදුම්පත්, අධ්යක්ෂ ජනරාල්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, තැ.පෙ.1431, 36, මලලසේකර මාවත, කොළඹ 07 යන ලිපිනය සඳහන් කර 2026 .11.09 දින හෝ එදිනට පෙර ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. එදිනට පසුව ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලැබේ.
ii.ඉදිරිපත් කළ යුතු අයදුම්පත්‍රයේ ආදර්ශ ආකෘතියක් මෙම නිවේදනය අවසානයේ දක්වා ඇත. අයදුම්කරුවන් ඔවුන්ගේ අයදුම්පත් A4 ප්‍රමාණයේ කඩදාසියක ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් සම්පූර්ණ කර ඉදිරිපත් කළ යුතුය.
iii.අයදුම්පත් බහා එවන ලිපි කවරය ඉහළ වම් කෙළවරේ “අතිරේක අධ්යක්ෂ ජනරාල් තනතුරට විවෘත පදනම මත බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම” යනුවෙන් පැහැදිලිව සදහන් කළ යුතුය.
iv.අයදුම්පත්‍රයෙහි අයදුම්කරුගේ අත්සන සාමදාන විනිශ්චයකාරවරයෙකු/ දිවුරුම් කොමසාරිස්වරයෙකු/ නීතිඥවරයෙකු/ ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු/ ත්‍රිවිධ හමුදාවේ අධිකාරිලත් නිලධාරියෙකු හෝ රජයේ ආයතනයක විධායක නිලධාරියෙකු විසින් සහතික කළ යුතුය.
v.අයදුම්පත් තැපෑලේදි නැතිවූ බවට හෝ ප්‍රමාද වූ බවට හෝ කෙරෙන පැමිණිලි ගැන සළකා බලනු නොලැබේ. අවසාන දිනය දක්වා තම අයදුම්පත් පමා කරන අයදුම්කරුවන් ඉන් සිදු විය හැකි ප්‍රතිවිපාක තමන් විසින්ම විඳ දරා ගත යුතුය.
vi.අයදුම්පත්‍රය සමඟ පහත ලේඛනවල සහතික කරන ලද එක් ඡායා පිටපතක් බැඟින් අමුණා එවිය යුතු අතර වෙනත් කිසිදු ලේඛනයක් නොඇමිණිය යුතුය.
අ)ජාතික හැදුනුම්පතෙහි සහතික කරන ලද පිටපත.
ආ)උප්පැන්න සහතිකයේ සහතික කරන ලද පිටපත.
ඇ)ඉහත අයදුම්පත්‍රයේ සඳහන් සුදුසුකම්වලට අදාළ සහතිකවල සහතික කරන ලද පිටපත්.
සටහන : සම්මුඛ පරික්ෂණය අවස්ථාවේදී අදාළ ලේඛනවල මුල් පිටපත්, අයදුම්පත්‍රයට අමුණා ඇති සහතික කරන ලද පිටපත් සනාථ කර ගැනීම සඳහා ඉදිරිපත් කළ යුුතුය.
8.සාවද්‍ය තොරතුරු සැපයීම.
ඔබ විසින් එවන ලද අයදුම්පත්‍රයේ සඳහන් කර ඇත්තා වූ යම් තොරතුරක් අසත්‍ය හෝ වැරදි බවට බඳවා ගැනීමට පෙර අනාවරණය වුවහොත් ඔබගේ අපේක්ෂකත්වය අවලංගු කරනු ලැබේ. එවැනි අසත්‍ය හෝ වැරදි තොරතුරක් බඳවා ගැනීමෙන් පසුව අනාවරණය වුවහොත් ඊට අදාළ ක්‍රියාමාර්ගයන්ට යටත්ව සේවයෙන් පහ කිරීමට කටයුතු කරනු ලැබේ.
9.පුරප්පාඩු පිරවීම / නොපිරවීම පිළිබඳ අවසාන තීරණය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සතු වේ.
10.මෙම බඳවා ගැනීම් පටිපාටියේ විධිවිධාන සලසා නොමැති යම් කරුණක් වෙතොත් ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ තීරණය අවසන් තීරණය වේ.
11.මෙම ගැසට් නිවේදනයේ සිංහල , දෙමළ, ඉංග්‍රීසි භාෂා පාඨ අතර යම් අනනුකූලතාවයක් හෝ පරස්පරතාවයක් හෝ ඇතිවුවහොත් එවිට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු වන්නේය.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නියමය පරිදි,
ආර්.එස්.ඒ.දිසානායක,
අධ්යක්ෂ ජනරාල්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව,
තැ.පෙ. 1431,
36, මලලසේකර මාවත,
කොළඹ 07.
වැඩි විස්තර සඳහා අමතන්න:
දුරකථන අංකය : 011-2582864
විද්‍යුත් තැපෑල : da@ciaboc.gov.lk